එකායි....

හුරේ..............
මට ජය වේවා !!




අද මට ටිකක් විශේෂ දවසක්, මොකද අද තමයි මගෙ blog එකට අවුරුද්දක් පිරෙන්නෙ. හරියටම ගිය අවුරුද්දෙ ජූලි 25 තමයි මම බ්ලොග් එක හදල මගෙ පළවෙනි ලිපිය සිංහල බ්ලොග් කියවනයෙ පළ කලේ. ඒ දවස් වල මම මේ පිළිබඳ වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. පළවෙනි post එකට පස්සෙ මට ආපු කික් එකට මම 28 වෙනිද ආය ලිපියක් දැම්ම මා ගැසූ ගේම් කියල. ඉතින් මේ ලිපි ඉතාමත් සාර්ථකව සිංහල බ්ලොග් කියවනයේ පළ උණා. ඒ පිළිබඳව මම සිංහල බ්ලොග් කියවනයට ස්තූති වන්ත වෙනව. ඒ වගේ ම ලාංකීය සිතුවිලි , කොත්තුවට, මගේ ස්තූතිය. ආ එතකොට නදුන් අයියගෙ නිම්නයටත්

එතකොට මට මුලින්ම කමෙන්ට් කරල තිබුනෙ "මනුශාන්" අයියා. ඊට පස්සෙ "ශාකුන්තල" අයියා. ඊටත් පස්සෙ "චානක මදුශාන් [චානු]". ඔයවගේ තව ගොඩාක් කස්ටිය මගෙ ලිපිවලට කමෙන්ට්ස් දාල තියනව.

එතකොට "මම Flash වලින් web site එකක් හැදුවා" ලිපියට තමයි මට වැඩියෙන්ම කමෙන්ට් ලැබිල තියෙන්නෙ [ මහාලොකු ගානක්නම් නෑ 24යි.],

"පුල් ඔප්සන් ඔන්ලයින් පොටෝසොප්", "සරල Drop down menu එකක් blogger වලට", "Blog එක ලස්සන කරගන්න පුලුවන් වැඩක්" තමයි මම ටිකක් වැදගත් කියල ලිපි ටිකකට ලියල තියෙන්නෙ.

මෙතෙක් මම ලියල තියෙන්නෙ ලිපි 17ක් විතර[මට වැරදිලාද මංදා...ලාංකීය සිතුවිලි එකේ තියෙන්නෙ 18ක් කියලනෙ :O]. ඒ අතරෙ මට උපදෙස්, ස්තුති, යෝජනා, තර්ජන (මරණ තර්ජන එහෙම නෙවෙයි :D ) වගේ දේවල් ලැබිල තියනව, ඒ හැම දේම මට කමෙන්ට් මගින් ලබා දුන්න හැමෝටම මම ස්තූතිවන්ත වෙනව. ඒ වගේම මට චිරාත් කාලයක් බ්ලොග් කරණයේ රැඳී ඉන්න මම මටම සුබපතාගන්නව.. :D

එහෙනං ඔයාලත් පොරකන්නෙ නැතුව පෝලිමට ඇවිල්ල මට සුබපතල යන්නකෝ
ඉතුරු ටික