දෙන්නං ජම්බු

සුභම සුභ අලුත් වේවා හැමෝටම...
අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..

(මේ තියෙන්නෙ එව්ව තමයි.)
අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ දුන්න අලි මල්ල පුරෝලම. දැං ඉතිං මොනා කරන්නද, කන්න තමයි තියෙන්නෙ.දුන්නෙ කන්නනෙ, මමත් ඇරියෙනෑ කෑවා කෑවා කෑවා කෑවා එපා වෙනකං කෑවා.
කාල කාල ඒත් ඉවර නැති නිසා මට හිතුන මේවයින් කෑමක් හදල බලන්න.ඉතින් ඒ කෑම හදන හැටි ඔයාලටත් කියලදෙන්න තමයි මම මේ ලෑස්ති වුනේ(මේ දවස්වල ජම්බු නැති ගහක් තියනවනම් අපේ එක විතරයිනෙ).හරි එහෙනම් වැඩේ පටා...න්ගමු,

අවශ්‍ය දේවල් :- හොඳ ජම්බු ගෙඩි 5හක් 6ක් (අවශ්‍යතාව අනුව වෙනස් කරගත හැක), සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් (ආදේශක
භාවිතා කල හැක) ,වතුර ඉතාමත් ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු.

(මේ තියෙන්නෙ දුං දදා...)
සාදන ආකාරය :- ප්‍රථමයෙන්ම ජම්බු ගෙඩි ටික හොඳින් සෝදා සිහින් පටි ආකාරයට කපාගන්න ඕනැ.ඉන්පසු තාච්චිය ලිපේ තබා සිහින්ව කපාගත් ජම්බු පටි ටික එයට දමා අවශ්‍ය ප්‍රමාණයට ලිපේ ගින්දර එජස් කරගන්න.දැං අපි ලෑස්ති කරගත් සීනි, ලුණු දමා පසුව වතුර ඉතාම ස්වල්පයක් ( වැඩිය දාන්න එපා එහෙම වුනොත් මොනාවෙයිද දන්නෙ නෑ) මෙයට එකතු කරගන්න. දැං ඉතින් මේක රන්වන් පාට වෙනකං කාල්ගාන්න ඕනෙ.ඊටපස්සෙ ලිපෙන් බාගෙන තමන්ට අභිමත ලෙස මෙය අලංකාර කරගන්න පුලුවන්.

මේක ඔයාලට රසවිඳින්න පුලුවන් වගේම අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි (හැබැයි හැදුවෙ මොනවයින්ද කියලනම් කියන්න එපා :D ) ම්... තවත් දෙයක් මේකට දාන්න හොඳ නමකුත් යෝජනා කරලම යන්න

25 comments:

වැප් said...

එතතොට මෙව්වාටද කියන්නේ ජම්බු කැවුම් කියලා ...?

බිඟූ said...

ජඹු කැවුම කියලා දාමුද?

/බිඟුවා...!

Anonymous said...

ජම්බු කැබලි මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු සමග ලුණු කුඩු දමා අච්චාරු හදාගන්නත් පුළුවන්.
හොදම නම 'දෙන්නම් ජම්බු'

දුකා said...

මෙන්න ටියෙන ජම්බු කවුම් . . මේ ඇහුවමයි . . . ඔයාත් මාර වැඩනේ කරන්නේ මලේ . .

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප් : හික්ස්....ඒකනේ අලුත් අවුරුද්දට කන්න සහ දෙන්න කදිමයි කිව්වෙ :D

@ බිඟුවා : අන්න හොඳා

@ Anonymous : එළැ එළැ ..ඒකනම් පට්ට

@ දුකා : මේක මගේම වට්ටෝරුවක් අයියා...

මනුශාන් said...

ජම්බු කැව්ම් (ජම්බු කැබලි නොකර ගෙඩිය පිටින් දැම්මොත් කොන්ඩ කැව්මක් වගෙ තියෙයිනේ )
මලයෝ ඔවා පැකට් කරලා බිස්නස් එකක් පටන් ගත්තොත් හොද නැද්ද ?

දිලීප said...

කොහොම නමුත් නව සොයා ගැනීමක් . ඒක නිසා අපි ඕකට "සසනද ජම්බු" කියල නම දාමු.....විද්‍යාත්මක නාම කරනයට අනුව Sasanda Syzygium Jambos :P

සසීන්ද්‍ර වීරසිංහ said...

@ මනුශාන් : හම්මා...හ්,
ඒකත් නරකම නෑ...

@ දිලීප : එළ එළ, ඒක නෙමේ අයියෙ මොකද්ද අප්පා අර නම

චානක අසේල දි සොයිසා said...

පිනි ජම්බු කෑවුම්...... සසීන්ද්‍ර වීරසිංහ නිශ්පාදනයක්.නරකමත් නෑ නේද මල්ලි?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ චානක අසේල : ඒකනේ කියන්නේ...

Kasun Nadeeshana said...

නියම කෑමක්. දෙන්නම් අල්ලපු ගෙදර ජම්බු ගහටබ ගේමක්

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Kasun Nadeeshana : එළ එළ. එතකොට අල්ලපු ගෙදර කට්ටියට සංග්‍රහ කරන්නත් පුලුවන්නේ :D

බිඟූ said...

http://www.skylk.com/qotw/winners.php

dakkada malli

සහන් සටහන් said...

මෙන්න මේකා මගේ වට්ටෝරුව හොරකං කොරලා..........

ඕක මම හොයාගත්තේ...
(හැබැයි මම ඕකට ගත්තෙ නෙල්ලි) ඒත් වට්ටෝරුව මගේ.
හිටපිය මම ගෙදර එනකල්

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බිඟුවා : හපුච්චේ මම දෙවනි තෑග්ග දිනල..
මරු මරු

@ සහන් : ඔයාගෙ වට්ටෝරුවෙ ලුණු නෑ, වතුර නෑ, ජම්බුත් නෑ, කන්න බලද්දිං නෙල්ලි විතරයි සීනි චුට්ටකුත් එක්ක. ඉතින් මේක ඔයාගෙ වෙන්නෙ කොහොමද?

kanchana said...

ජම්බු කැවුම් රස ඇති නේද?කැවෙත් ප්‍රශ්ණයක් වෙන්නේ නැ නේද?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ kanchana : අපෝ රසයිද කියලත් අහනව, එළ. (වැරදිලාවත් කන්න පුලුවන් විදිහට හදාගන්න බැරිඋනොත් කාටහරි දෙන්න) :D

චතුරංග රූපසිංහ said...

එලස්

සසීන්ද්‍ර වීරසිංහ said...

@ චතුරංග රූපසිංහ : එලස් කියල හරියන්නෙ නෑ, මෙව්ව හදන්න ඕනෙ

Xpress (SiS™ ) said...

LOID OPATHA (V2)

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Xpress : හික්ස්

Bunny said...

මේවා කන්න කලින් නිවසේ ටැංකියේ වතුර පුල්ද කියා පරික්ශාකාරි වන්න...!! :P

හැබැටම මල්ලි ශුවර් නේද බඩ අප්සෙට් උනේ නෑ කියලා ඈ ? :D :D

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Bunny : මම කොහොමද ඒක දන්නෙ. මම කෑවැයි එව්ව.[කන්න තමයි හැදුවෙ. ඒත් අන්තිමට දත් මැදින්නයි උනේ...]

Bunny said...

හුටා..!! ඈ කොල්ලො උබ මේ මිනිස්සු මරන්නද හදන්නෙ ඈ ?

මේකා නම් යකේක් හැබැට.අනික් දවසේ කාලා බලලා දාපිය..!

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Bunny ! : ඇයි හද්දෙයියනේ මම කිව්වෙ. ඔව්ව කන්න පුලුවන් මැරෙන්නෑ...[වැඩිම උනොත් පොඩි බඩේ අස්පට් එකක් එයි]