Showing posts with label For fun. Show all posts
Showing posts with label For fun. Show all posts

ඊ බොක්කෙන් 4x4ක් ද 3x3ක් ද?




4x4 එකක්ද 3x3 එකක්ද, අයියනම් කිව්වෙ 3x3 එකක්. ඒත් මට හිතුනෙම 4x4 එකක් ගන්නමයි.ඔන්නොහෙ 4x4ක් ම ගන්නව, කියල හිහ හදාගෙන සිදාදිය පැත්තට ගියත් පොත් සාප්පු වල ඉන්න කොල්ලො කුරුට්ටො කිරිට්ටියො සේරම කින්ඩි දැම්මෙත් මටමයි. ඒ ඇයි දන්නෑ.. මම කිව්වෙ අයියෙ "rubix cube" තියනවද, අක්කෙ "Rubik's cube" තියනවද, අංකල් "රූබික්ස් ක්‍යුබ්ස්" තියනවද කියල අහපු එක විතරමයි. සමහර විට මගෙ බාසා හැකියාවෙ මද කමක් දැ කියල හිතිල තමයි මම ඔය විදියට එක එක ජාතියෙං ඇහුවෙ ම්ම්ම්ම්ම්...හ් උංද කටක් හෙල්ලුවෙ. කිසි කතාවක් නෑ උං උංගෙ වැඩ.
මං කියල ඉතිං මොනා කරන්නදැ. බලෙං අරං එන්නැයි.

ටික දවසක් යනකොට ඕක මයෙ හිතෙං අයිං වෙලා තිබුනෙ. දවසක් මම ඊ බොක්ක පැත්තෙ ගියෙ මොනවත් ගන්න නෙවෙයි. ඒක කොයි වගේද කියල බලාගන්න. ඕක හොඳට බලාගන්න නම් ඉතිං මොකාක් හරි ගන්න බලන්න එපැ. ගන්න දේවල් බලබල ඉන්නකොට (ගන්න නෙවෙයි) මට මතක් උනා අර කාලයක් මයෙ හිතේ තිබ්බ කැටේ.. ඕකක් බලබලා හිටිය ඉතිං ඕකෙං (බැලුව විතරයි ඉතිං අපිට වෙබ් කාඩ් තියා අයිඩිංටිටි කාඩ් එකක් වත් තියේ යැ)
දවසක් අපෙ සුපුන් අයිය ඇහුව "මල්ලෙ, ඔයාට මොනාහරි අරං ඕනෙද කියල (ඊ බොක්කෙං)" හික්.. මයෙ හුස්මත් හිරවෙන්න ගියා. ඕං ඉතිං මම මෙයාටත් අරක කිව්ව. අනෙ කියන්නත් දුකේ....බෑ, අයිය එක පයිංම කැමති උනා මට එව්ව එකක් අරං දෙන්න. ඕං ඉතිං මෙයා මයෙ ඇඩරැස් එක ඉල්ලගෙන, තව ඕනෙ ඕනෙ කලමනා ටිකත් ඉල්ලලා "හරි" කිව්ව.

ඕන්න අද භාණ්ඩෙ ඇවිත්. මම ඉස්කෝලෙ ඇරිල ගෙදරට පය තිබ්බ විතරයි අම්මා කිව්ව "ආං මොකද්දැ එකක් ඇවිත්" කියල. ඔන්න එතකොට තමයි ඉවසන්නම බැරුව ගියෙ. මයෙ හිත පස්වනක් ප්‍රීතියෙං පිරීගෙන ගියා. ගිහිං පාර්සලේ අල්ලද්දි ඇඟටම නිකං විදිලි කෙටුණ වගේ :D

කවරෙ ඇරල කැටේ ගත්ත එළියට.
ඊට පස්සෙ තමයි වැඩෙ !
අරං ඔක්කොම ටික කලවං කොලා. අනෙ ! වැඩි වෙලා කරකන්න උනේ නෑ....
ඔක්කොම කෑලි ටික ඇදගෙන වැටිච්චි මේසෙ ඉඩට :'( දැං මක්කොරන්නද. දන්න වැඩ දාල හදන්න බැලුව, මොන :'(

(මේ තමයි මට ලැබුණු අලුත්ම පසල් එක. ආපහු කැටේ යතා තත්තෙට ගන්න එකයි ඒකෙ කරන්න තියෙන්නෙ)

ඊට පස්සෙ තමයි මේක මේ ලියන්න ගත්තෙ. ඔහොම තමයි මගෙ පලවෙනි "ඊ බේ" තෑග්ග බිම ඇද වැටුනෙ (බිම කිව්වට මේසෙ උඩට). දැං මක්කැ කොරන්නද කියල අහන්නයි මම මේක ලිව්වෙ. දන්න කස්ටිය මට මේකට විසඳුමක් දෙන්න කො කො කො....
ඉතුරු ටික

හැමදාම අසාදාරනේට ලක්වෙන අය, මමත් ඇතුලුව

මම කලිං පාර ලිව්ව ලිපිය "හැමදාම අසාදාරනේට ලක්වෙන අය" එකට මට "ඇද කිරීම්, බැන වැදීම්" වගේ දරුණු ප්‍රචණ්ඩක්‍රියා එල්ල වෙලා තිබුන.ඉතිං මම ඒ අයගෙන් සමාව ඉල්ලනව(ඇද කිරීම්, බැන වැදීම් වැනි දේ කළ අයගෙන්). කට්ටියම කිව්ව ටොම් ඇන්ඩ් ජෙරී එකේ අහින්සක ටොම් හැමදාම අසාදාරනේට ලක් වෙනව කියල.ඉතිං මම මේ ලිපිය දාන්නෙ එයාලට සාදාරනයක් ඉස්ට කරන්නයි :)

1.මට වැඩියෙන්ම චෝදනා කලේ මං ටොම්ව අසාදාරනේට ලක් කරනව කියලනෙ, ඉතිං ඔන්න එයා මුලිම්ම දැම්ම. සිරස ඉතිං "ටොම් ඇන්ඩ් ජෙරී" ඉවර කරන දවසෙ තමයි මෙයා අසාදාරනෙන් මිදෙන්නෙ. (ඒක හින්ද ආය මට බනින්න එපා)


2.මේත් කලිං පාර කියන්න බැරි වෙච්ච කෙනෙක්. අපෙ අයියා [ සහන් ] තමයි මෙයා ගැන ඔත්තුව දුන්නෙ.
මේ පුංචි ට්වීටිය අල්ලන්න ගිහින් මූ විඳින දුක දැක්කම කාගෙත් හිත උනුවෙනව.

3.මේ ජෝඩුවත් අර ගොඩේම තමයි.විස්කෝතුවකට යටවෙලා හැමදාම අසාදාරනේට ලක් වෙනව.මේක බලල ඇතිනෙ .


4. මේ ඉන්නෙ "ඩැෆී ඩක්". මෙයත් හැමදාම ඇක්ට් කරන්නෙ දුෂ්ඨයට.ඔයාල දන්නව ඇතිනෙ දුෂ්ඨයට අන්තිමට මොකද වෙන්නෙ කියල. [අසාදාරනේ තමයි ඉතිං :'( ]


5. මේ අපේ ජිම් පප්ප. මෙයාට වෙන්නෙ පොඩිකාලෙ අත්වැරැද්දකින් වෙච්ච දේකට ජීවිතෙම අසාදාරනේට ලක්වීම. දුක තමයි.
6. මෙයා ඉන්න හැටියෙම්ම පෙනව ඇතිනෙ මෙයාටත් අර කතාව අදාල වෙන බව. [අයිය කියනව එයා දන්න විදිහට මෙයාට අවු.20කට වත් සාදාරනයක් වෙලා නෑ කියල.] මෙයාගෙ නම "වයිල්ඩ් ඊ කයෝටේ", මෙයාව අසාදාරනේට ලක් කරන්නෙ "රෝඩ් රනර්" කියන බුවා. ගොඩක් දෙනෙක්ගෙ මතය තමයි මෙයාල[අනිත් කාටුන්] අතරෙන් වැඩියෙන්ම අසාදාරනේට ලක් වෙන්නෙ මෙයා කියන එක.

7. මෙයාගෙ පැහැදිලි පොටෝ එකක් හොයාගන්න මම සෑහෙන ට්‍රයි එකක් දුන්න, ඒත් කොහෙද මෙයා වඩිපුර ඉන්නෙ කැලේනෙ. බොහෝ....ම අමාරුවෙන් මම මෙයාව චායාරූප ගත කලේ ( ඒ අමාරුවෙන් ගත්ත එක තමයි ඔය). මෙයා ඇක්ට් කරන්නෙ "දඟර වලිග ලප වානර එකේ". නම "දඩයම්", ඉතිං මෙයා අසාමාන්‍ය විදිහට, අලුත් තාලෙ විදිහට තමයි අසාදාරනේට ලක් වෙන්නෙ :D

8. මේ කතාව ගැන මට කිව්වෙ "දුකා" අයියා. කතාව යූ ජස්ට් වේට්. මේකෙ නරියත් (නම නොදනිමි) සෑහෙන අසාදාරනේට ලක් වෙනව අර හාව නිසා.



9. මෙයත් මුලදි සෑහෙන අසාදාරනේකට ලක් වෙනව. කතාව "ඉස්පොන්ජ් බෝබ්" , මෙයාගෙ නමත් ඉස්පොන්ජ් බෝබ් ම තමයි.


10. ඔය ඉන්නෙ මට ඉස්සරල කියන්න බැරි උන තවත් අසාදාරනේට ලක්වෙන කාටුං චරිතයක්. එයා ගැන හිතාගන්නකෝ....




ප.ලි

ඒ විතරක් නෙවෙයි විලියම් ටෙල් එකේ සැක්ස්, කූබිච්චි එකේ මකුණාස්, ඔය වගේ තව ගොඩක් කස්ටිය සෑහෙන අසාදාරනේට ලක් වෙනව.
ඉතුරු ටික

හැමදාම අසාදාරනේට ලක්වෙන අය..

මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,

1.ඔය මුලින්ම ඉන්න මට මතක ඇති කාලෙ ඉඳන් අසාදාරනේට ලක්වෙන කොල්ලෙක්,(මෙයාගැන් ඉතින් කියන්න දෙයක් නෑනෙ :)

2.මෙයා තමයි "කෝටෑන්" ඉන්නෙ හයිලෑන්ඩර් එකේ. අනේ කියන්නත් දුකයි මෙයත් හැමදාම අසාදාරනේට ලක් උනා.

3. මෙයත් අර දෙන්න වගේම දුකට පත්වුනු කෙනෙක් තමයි. නම "යකඩ රාස්සයා", මෙයා ඇක්ට් කරපු කාටුං එක තමයි "ඥානකතා මල්ලි".

4. ඊලඟ කෙනා ගැනනම් කියන්න දෙයක් නෑ :( බය හිතෙන නමක් තියෙන්නෙ " සාකියා" දන්නව ඇතිනෙ.

5. මෙයා "විල්සන් මමා" දඟය එකේ මේන් ඇක්ට කෙනෙක්.
6. මෙයා "මම්‍රා", තන්ඩ කැට් එකේ අසාදාරනේට ලක්වෙන චරිතෙ. පව් දෙයියනේ....

7. "රොබෝටික්ක" නම් දන්නැති කෙනෙක් නැතුව ඇති. මෙයාටත් ඉතිං හැමදාම දුක තමයි :(

8. මෙයා තමයි මේ හැම එක්කෙනෙකුටම වඩා දුකට හා අසාදාරනේට ලක්වෙලා තියෙන්නෙ. මේ "මැක් වුල්ෆ්", ඔය එහා පැත්තෙන් පොරසේ ඉන්නෙ "ඩෲපි".


ඉතුරු ටික

දෙන්නං ජම්බු

සුභම සුභ අලුත් වේවා හැමෝටම...
අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..

(මේ තියෙන්නෙ එව්ව තමයි.)
අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ දුන්න අලි මල්ල පුරෝලම. දැං ඉතිං මොනා කරන්නද, කන්න තමයි තියෙන්නෙ.දුන්නෙ කන්නනෙ, මමත් ඇරියෙනෑ කෑවා කෑවා කෑවා කෑවා එපා වෙනකං කෑවා.
කාල කාල ඒත් ඉවර නැති නිසා මට හිතුන මේවයින් කෑමක් හදල බලන්න.ඉතින් ඒ කෑම හදන හැටි ඔයාලටත් කියලදෙන්න තමයි මම මේ ලෑස්ති වුනේ(මේ දවස්වල ජම්බු නැති ගහක් තියනවනම් අපේ එක විතරයිනෙ).හරි එහෙනම් වැඩේ පටා...න්ගමු,

අවශ්‍ය දේවල් :- හොඳ ජම්බු ගෙඩි 5හක් 6ක් (අවශ්‍යතාව අනුව වෙනස් කරගත හැක), සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් (ආදේශක
භාවිතා කල හැක) ,වතුර ඉතාමත් ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු.

(මේ තියෙන්නෙ දුං දදා...)
සාදන ආකාරය :- ප්‍රථමයෙන්ම ජම්බු ගෙඩි ටික හොඳින් සෝදා සිහින් පටි ආකාරයට කපාගන්න ඕනැ.ඉන්පසු තාච්චිය ලිපේ තබා සිහින්ව කපාගත් ජම්බු පටි ටික එයට දමා අවශ්‍ය ප්‍රමාණයට ලිපේ ගින්දර එජස් කරගන්න.දැං අපි ලෑස්ති කරගත් සීනි, ලුණු දමා පසුව වතුර ඉතාම ස්වල්පයක් ( වැඩිය දාන්න එපා එහෙම වුනොත් මොනාවෙයිද දන්නෙ නෑ) මෙයට එකතු කරගන්න. දැං ඉතින් මේක රන්වන් පාට වෙනකං කාල්ගාන්න ඕනෙ.ඊටපස්සෙ ලිපෙන් බාගෙන තමන්ට අභිමත ලෙස මෙය අලංකාර කරගන්න පුලුවන්.

මේක ඔයාලට රසවිඳින්න පුලුවන් වගේම අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි (හැබැයි හැදුවෙ මොනවයින්ද කියලනම් කියන්න එපා :D ) ම්... තවත් දෙයක් මේකට දාන්න හොඳ නමකුත් යෝජනා කරලම යන්න
ඉතුරු ටික