ඊ බොක්කෙන් 4x4ක් ද 3x3ක් ද?




4x4 එකක්ද 3x3 එකක්ද, අයියනම් කිව්වෙ 3x3 එකක්. ඒත් මට හිතුනෙම 4x4 එකක් ගන්නමයි.ඔන්නොහෙ 4x4ක් ම ගන්නව, කියල හිහ හදාගෙන සිදාදිය පැත්තට ගියත් පොත් සාප්පු වල ඉන්න කොල්ලො කුරුට්ටො කිරිට්ටියො සේරම කින්ඩි දැම්මෙත් මටමයි. ඒ ඇයි දන්නෑ.. මම කිව්වෙ අයියෙ "rubix cube" තියනවද, අක්කෙ "Rubik's cube" තියනවද, අංකල් "රූබික්ස් ක්‍යුබ්ස්" තියනවද කියල අහපු එක විතරමයි. සමහර විට මගෙ බාසා හැකියාවෙ මද කමක් දැ කියල හිතිල තමයි මම ඔය විදියට එක එක ජාතියෙං ඇහුවෙ ම්ම්ම්ම්ම්...හ් උංද කටක් හෙල්ලුවෙ. කිසි කතාවක් නෑ උං උංගෙ වැඩ.
මං කියල ඉතිං මොනා කරන්නදැ. බලෙං අරං එන්නැයි.

ටික දවසක් යනකොට ඕක මයෙ හිතෙං අයිං වෙලා තිබුනෙ. දවසක් මම ඊ බොක්ක පැත්තෙ ගියෙ මොනවත් ගන්න නෙවෙයි. ඒක කොයි වගේද කියල බලාගන්න. ඕක හොඳට බලාගන්න නම් ඉතිං මොකාක් හරි ගන්න බලන්න එපැ. ගන්න දේවල් බලබල ඉන්නකොට (ගන්න නෙවෙයි) මට මතක් උනා අර කාලයක් මයෙ හිතේ තිබ්බ කැටේ.. ඕකක් බලබලා හිටිය ඉතිං ඕකෙං (බැලුව විතරයි ඉතිං අපිට වෙබ් කාඩ් තියා අයිඩිංටිටි කාඩ් එකක් වත් තියේ යැ)
දවසක් අපෙ සුපුන් අයිය ඇහුව "මල්ලෙ, ඔයාට මොනාහරි අරං ඕනෙද කියල (ඊ බොක්කෙං)" හික්.. මයෙ හුස්මත් හිරවෙන්න ගියා. ඕං ඉතිං මම මෙයාටත් අරක කිව්ව. අනෙ කියන්නත් දුකේ....බෑ, අයිය එක පයිංම කැමති උනා මට එව්ව එකක් අරං දෙන්න. ඕං ඉතිං මෙයා මයෙ ඇඩරැස් එක ඉල්ලගෙන, තව ඕනෙ ඕනෙ කලමනා ටිකත් ඉල්ලලා "හරි" කිව්ව.

ඕන්න අද භාණ්ඩෙ ඇවිත්. මම ඉස්කෝලෙ ඇරිල ගෙදරට පය තිබ්බ විතරයි අම්මා කිව්ව "ආං මොකද්දැ එකක් ඇවිත්" කියල. ඔන්න එතකොට තමයි ඉවසන්නම බැරුව ගියෙ. මයෙ හිත පස්වනක් ප්‍රීතියෙං පිරීගෙන ගියා. ගිහිං පාර්සලේ අල්ලද්දි ඇඟටම නිකං විදිලි කෙටුණ වගේ :D

කවරෙ ඇරල කැටේ ගත්ත එළියට.
ඊට පස්සෙ තමයි වැඩෙ !
අරං ඔක්කොම ටික කලවං කොලා. අනෙ ! වැඩි වෙලා කරකන්න උනේ නෑ....
ඔක්කොම කෑලි ටික ඇදගෙන වැටිච්චි මේසෙ ඉඩට :'( දැං මක්කොරන්නද. දන්න වැඩ දාල හදන්න බැලුව, මොන :'(

(මේ තමයි මට ලැබුණු අලුත්ම පසල් එක. ආපහු කැටේ යතා තත්තෙට ගන්න එකයි ඒකෙ කරන්න තියෙන්නෙ)

ඊට පස්සෙ තමයි මේක මේ ලියන්න ගත්තෙ. ඔහොම තමයි මගෙ පලවෙනි "ඊ බේ" තෑග්ග බිම ඇද වැටුනෙ (බිම කිව්වට මේසෙ උඩට). දැං මක්කැ කොරන්නද කියල අහන්නයි මම මේක ලිව්වෙ. දන්න කස්ටිය මට මේකට විසඳුමක් දෙන්න කො කො කො....

26 comments:

Anonymous said...

මූන දැක්කම දුකේ බෑ බන් :P
විසදුමක් නම් එන්නෙම නෑනෙ ඔලුවට :(

සසීන්ද්‍ර වීරසිංහ said...

ඒක නේ.....න්නං මටත් මේක දකින වාරයක් පාසා දුක හිතෙනව :D

වැප් said...

කතා කරන්න සුපුන් මලයට .....
ගෙන්න ගන්න තව එකක් .....

කොච්චර සිම්පල් ද :D ...............

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප් : එල නියම අදහස.
ඒක නෙවෙයි ඔයාට බැරිද මට එකක් අරං දෙන්න වෙරි සිම්පල් අයියා !! :D

Admin : Trix Hunter said...

අනේ මුණ...දුකේ බැ...මේ කොලුවා අර වැදුනු විදුලියටත් එක්ක කරවගෙන කරකවගෙන යන්න ඇති...හිහිහි

Buddhi said...

මේව අලුතෙන් ගද්දි මෙහෙම තමයි! ඈයි මිට කලින් මේකක් සල්ලි දීලා අරං නැද්ද! මේක හදා ගන්න ක්‍රමේ ඔයා දන්නෙ නැද්ද? ඈහැව්වනං හදට රොකට් යවන්න කතාව !

Bunny said...

හොද වැඩක් තියෙනවා සුපර් ග්ලූ ගාලා අලවන්ට :D :D

ආයේ ඔක කැඩෙනවා බොරු :D

මාත් ගෙන්නව්වා ebay එකෙන් කේසින් එකකුයි ඩිස්ප්ලේ එකකුයි මගේ ජන්ගමයට කේසින් එක හරියකට සෙට් වෙන්නෙ නැ :-(

Anonymous said...

දුක් වෙන්න එපා බන් දැන් එක කැටයක් ඈ තියෙන්නේ ඔය තියෙන්නේ කැට 96 ක් ම තව බෝලෙකුත් තියෙන්නේ
ශැහ් මූන දකිද්දිනම් දුකේ බෑ :P
උබේ අය්යට කියපන් ඔකට මොකක් හරි ජිල්මාට් එකක් දාල දෙන්න කියලා ;)

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Admin : Trix Hunter : මොනාද මේ කියන්නෙ. පෝස්ට් එක දාද්දි ලේ බාල්දියක් විතර පිච්චිලා..

@ බුද්ධි :
1. නෑනෙ අයියා.
2. දන්නවනං මෙහෙම ඉඳී යැ
3. බොරලු රොකට් වගේ තමයි මයෙ එව්වත්

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බනී : ආ.....ඩේ..ඒකත් ඇත්ත තමයි!!

හපූයි මමත් ඔය පතුරක් ගෙන්න ගන්නයි හිටියෙ කාටහරි කියල. වැඩක් නෑ.. මෙහෙංම තමයි ගන්න වෙන්නෙ දැං :D

@ මනුශාන් : පෙරලුණ පිට හොඳයි කියල දැං කැට 96න් දාං ඇදල බෝලෙං ක්‍රිකට් ගහන්න තමයි මමත් හිතුවෙ. මොන අයියලාද, අයියලාගෙ කෑලිත් නෑ

තක්කඩියා said...

මලේ ඕක ගේනත් දීපන් අපේ ජයාට අයියා දන්නව ජයා කවුද කියලා

හසී said...

අපොයි මූණ දැක්කාම දුකේ බැ.. මක්කැයි කොරන්නේ දැන්...

නිරහංකාර අහිංසකාවි said...

matath adenna wage malli meka dakala.. monaw akarananda bunny kiyapu de wath karala balanna ne???

Chanaka Aruna Munasinghe said...

ඔයා හොඳ ළමයෙක්නෙ
මෙන්න ඔයා වගේ තවත් හොඳ ළමයෙක්

http://status-chanaka.blogspot.com/2010/10/blog-post_10.html

මල්ද ? පොල්ද ? කියල ඇහුවා නේද ? මතකද ?

Anonymous said...

මූණ දැක්කම කොහෙන් හරි හොයල ගෙනත් දෙන්න හිතෙනවා....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ තක්කඩියා : කවුද "ගල්වල සුමුදු ද"

@ හසී : මක්කැ කොරන්නදැ ඉතිං :'(

@ නිරහංකාර අහිංසකාවි : ඒක තමා දැං කරන්න තියන එකම දේ අක්කා. ඊ...හ් මේ බනියත් දෙන්නෙ මාර අදහස්නෙ

@ Chanaka : "නෑ සිවිල් නීති" කියලත් කිව්වෙ. ඒ උනාට දැං ඉතිං කඩන්න දේවල් නෑ මේකෙ.

@ වත් : අනෙ ඉතිං ගෙනැත් දෙන්නකො.

බුද්ධික said...

machn oka hadanna puluwan,man podi kale 3x3 ekak ohoma galawala hadala tiyenwa,try ekak dala balapn,ai bn ithn umbata oka ara perment eken aduwata ganna tibbanne?ai ebay ekenma gatte?>

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බුද්ධික : හරි වැඩේ ගොඩ!
හෆ්ෆේ.....මට ඔය පේමට් එකේ බලන්න බැරි උනානෙ :'( අපරාදෙ 300ක්

The Informer said...

සෙලර් ට කියන්න බඩු කැඩෙනවා. not up to expected level කියලා. මිනිහා refund එකක් හරි අලුත් එකක් resend කරන්න හරි අහයි...

සසීන්ද්‍ර වීරසිංහ said...

@ The Informer : මාරු කරන්න උනොත් මේ ජාතියෙම්ම එකක් නැතුව වෙන එකක් උනත් ගන්න පුලුවන් වෙයිද??

රන් said...

හික් හික්z, ;)

බිඟූ said...

මන් ගාව තියෙනවා 3x3 එකක්.

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

මගේ ගාවත් තියෙන්නෙ 3X3 එකක්. 4X4 ඒවා මේ පොඩි එවුන්ට ලොකු වැඩි .
=========
@ සසීන්ද්‍ර වීරසිංහ

ඒකෙ ආයෙ කඩන්න දේවල් නෑ කියල මම දන්නවා. ඒකනෙ වෙන ජාතියක එකක් ගෙන්න ගන්න පුළුවන්ද කියල හොයන්නෙ. හොර ගෙඩියා

සසීන්ද්‍ර වීරසිංහ said...

@ රන් : හික් නෙවෙයි දැං නිකං බඩු අරං දුන්නනම් දැං චාරට් කන්නත් වෙයි !! :D

@ බිඟුවා : මටත් දැං හිතෙනව 3x3 එකක් ගත්තනම් හොඳයි කියල හෆොයි, දැං ඉතිං මොනා කොරන්නද

@ Chanaka : ඒක තමයි මමත් බැලුවෙ, මේක කඩල ආපහු යවල 3x3 එකක් ගෙන්න ගන්න. උන්ට අහුවෙයිද දන්නෑ..

හරී said...

හපොයි මූණ නිකං අස්සයා මැරිච්ච cowboy වගේනෙ....
ඉතින් මලයො ඔය කැටේ ගැන පොඩ්ඩක් කිව්වනම් ....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ හරී : ආයෙ කියන්න දෙයක් නෑ භායි! අර කරකෝන එව්ව අනේ, පාට හදාන්නෙ :/