හැමදාම අසාදාරනේට ලක්වෙන අය, මමත් ඇතුලුව

මම කලිං පාර ලිව්ව ලිපිය "හැමදාම අසාදාරනේට ලක්වෙන අය" එකට මට "ඇද කිරීම්, බැන වැදීම්" වගේ දරුණු ප්‍රචණ්ඩක්‍රියා එල්ල වෙලා තිබුන.ඉතිං මම ඒ අයගෙන් සමාව ඉල්ලනව(ඇද කිරීම්, බැන වැදීම් වැනි දේ කළ අයගෙන්). කට්ටියම කිව්ව ටොම් ඇන්ඩ් ජෙරී එකේ අහින්සක ටොම් හැමදාම අසාදාරනේට ලක් වෙනව කියල.ඉතිං මම මේ ලිපිය දාන්නෙ එයාලට සාදාරනයක් ඉස්ට කරන්නයි :)

1.මට වැඩියෙන්ම චෝදනා කලේ මං ටොම්ව අසාදාරනේට ලක් කරනව කියලනෙ, ඉතිං ඔන්න එයා මුලිම්ම දැම්ම. සිරස ඉතිං "ටොම් ඇන්ඩ් ජෙරී" ඉවර කරන දවසෙ තමයි මෙයා අසාදාරනෙන් මිදෙන්නෙ. (ඒක හින්ද ආය මට බනින්න එපා)


2.මේත් කලිං පාර කියන්න බැරි වෙච්ච කෙනෙක්. අපෙ අයියා [ සහන් ] තමයි මෙයා ගැන ඔත්තුව දුන්නෙ.
මේ පුංචි ට්වීටිය අල්ලන්න ගිහින් මූ විඳින දුක දැක්කම කාගෙත් හිත උනුවෙනව.

3.මේ ජෝඩුවත් අර ගොඩේම තමයි.විස්කෝතුවකට යටවෙලා හැමදාම අසාදාරනේට ලක් වෙනව.මේක බලල ඇතිනෙ .


4. මේ ඉන්නෙ "ඩැෆී ඩක්". මෙයත් හැමදාම ඇක්ට් කරන්නෙ දුෂ්ඨයට.ඔයාල දන්නව ඇතිනෙ දුෂ්ඨයට අන්තිමට මොකද වෙන්නෙ කියල. [අසාදාරනේ තමයි ඉතිං :'( ]


5. මේ අපේ ජිම් පප්ප. මෙයාට වෙන්නෙ පොඩිකාලෙ අත්වැරැද්දකින් වෙච්ච දේකට ජීවිතෙම අසාදාරනේට ලක්වීම. දුක තමයි.
6. මෙයා ඉන්න හැටියෙම්ම පෙනව ඇතිනෙ මෙයාටත් අර කතාව අදාල වෙන බව. [අයිය කියනව එයා දන්න විදිහට මෙයාට අවු.20කට වත් සාදාරනයක් වෙලා නෑ කියල.] මෙයාගෙ නම "වයිල්ඩ් ඊ කයෝටේ", මෙයාව අසාදාරනේට ලක් කරන්නෙ "රෝඩ් රනර්" කියන බුවා. ගොඩක් දෙනෙක්ගෙ මතය තමයි මෙයාල[අනිත් කාටුන්] අතරෙන් වැඩියෙන්ම අසාදාරනේට ලක් වෙන්නෙ මෙයා කියන එක.

7. මෙයාගෙ පැහැදිලි පොටෝ එකක් හොයාගන්න මම සෑහෙන ට්‍රයි එකක් දුන්න, ඒත් කොහෙද මෙයා වඩිපුර ඉන්නෙ කැලේනෙ. බොහෝ....ම අමාරුවෙන් මම මෙයාව චායාරූප ගත කලේ ( ඒ අමාරුවෙන් ගත්ත එක තමයි ඔය). මෙයා ඇක්ට් කරන්නෙ "දඟර වලිග ලප වානර එකේ". නම "දඩයම්", ඉතිං මෙයා අසාමාන්‍ය විදිහට, අලුත් තාලෙ විදිහට තමයි අසාදාරනේට ලක් වෙන්නෙ :D

8. මේ කතාව ගැන මට කිව්වෙ "දුකා" අයියා. කතාව යූ ජස්ට් වේට්. මේකෙ නරියත් (නම නොදනිමි) සෑහෙන අසාදාරනේට ලක් වෙනව අර හාව නිසා.



9. මෙයත් මුලදි සෑහෙන අසාදාරනේකට ලක් වෙනව. කතාව "ඉස්පොන්ජ් බෝබ්" , මෙයාගෙ නමත් ඉස්පොන්ජ් බෝබ් ම තමයි.


10. ඔය ඉන්නෙ මට ඉස්සරල කියන්න බැරි උන තවත් අසාදාරනේට ලක්වෙන කාටුං චරිතයක්. එයා ගැන හිතාගන්නකෝ....




ප.ලි

ඒ විතරක් නෙවෙයි විලියම් ටෙල් එකේ සැක්ස්, කූබිච්චි එකේ මකුණාස්, ඔය වගේ තව ගොඩක් කස්ටිය සෑහෙන අසාදාරනේට ලක් වෙනව.
ඉතුරු ටික

මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මේ ටී ෂර්ට් එක මුලු කුරුණෑගල පුරාම වන්දනාවෙ ගිහින් තමයි අන්තිමට අපෙ ගෙදරට ආවෙ.මම z ලිස්ටර් කෙනෙක් වෙලා දැං මාස 10ක් 12ක් ඇති. පරක්කුවෙද්දි මම හිතුව මේ (ටී ෂර්ට්)රෙද්ද එන්නෙ නැතිවෙයි කියල,මෙන්න බොලේ අවුරුද්ද පහුවෙලා දවස් 3 දෙයියො දුන්නවගේ මේක ආව. මට ඉතිං මාරම හැපී. එතකොට තමයි මට හිතුනෙ ලොකර්z එකේ පුංචිම මැම්බර් මමද කියලත්, මොකද small සයිස් එකේ ටී ෂර්ට් එකත් මට වැඩියි :D ඉතිං ඊටපස්සෙ මම හතර අතේ පොටෝ ගහල හැම තැනම දැම්ම. මේ ලිපිය ලියන්න හිතුනෙත් ලොකර්z එපාවෙලා අතෑරල දාල ඉන්න කට්ටිය ඉන්නවනම් ඉක්මනට සල්ලි ටිකක් එක්කහු කරගෙන ඊලඟ රිඩීම්ශන් එක ගැන හොයල බලල මටත් කියලා,මොකා..ක් හරි ගන්න කියලත් කියන්නයි.

ඉස්සරනං මේ වද කරදර නෑ z Lister කෙනෙක් වෙච්ච ගමන් ඕනෙ බඩුවක් රිඩීම් කරන්න පුලුවන්.


ඔය නළුව වගේ ලොකර්z ටී-ෂර්ට් එක ඇඳං ඉන්නෙ මම තමයි. (ඔය මගෙ කළු නෙවෙයි හරිද)
ඉතුරු ටික

පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්...

බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D

(පේනව ඇතිනෙ ;)

එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.

මේක Flash වලින් හදපු ඔන්ලයින්ම පොටෝ එඩිට් කරගන්න පුලුවන් පොටෝ සොප් එකක්..මේක පුල් ඔප්සන් :)


ඒ විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගේ මේක මේක සෝ.....ෆෑස්ට්.

(මේකෙත් ඔය තියන ඉරි එහෙම මකල හදල ගන්න පුලුවන්)

මේ ගැන දන්නෙ නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න

ඉතුරු ටික

හැමදාම අසාදාරනේට ලක්වෙන අය..

මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,

1.ඔය මුලින්ම ඉන්න මට මතක ඇති කාලෙ ඉඳන් අසාදාරනේට ලක්වෙන කොල්ලෙක්,(මෙයාගැන් ඉතින් කියන්න දෙයක් නෑනෙ :)

2.මෙයා තමයි "කෝටෑන්" ඉන්නෙ හයිලෑන්ඩර් එකේ. අනේ කියන්නත් දුකයි මෙයත් හැමදාම අසාදාරනේට ලක් උනා.

3. මෙයත් අර දෙන්න වගේම දුකට පත්වුනු කෙනෙක් තමයි. නම "යකඩ රාස්සයා", මෙයා ඇක්ට් කරපු කාටුං එක තමයි "ඥානකතා මල්ලි".

4. ඊලඟ කෙනා ගැනනම් කියන්න දෙයක් නෑ :( බය හිතෙන නමක් තියෙන්නෙ " සාකියා" දන්නව ඇතිනෙ.

5. මෙයා "විල්සන් මමා" දඟය එකේ මේන් ඇක්ට කෙනෙක්.
6. මෙයා "මම්‍රා", තන්ඩ කැට් එකේ අසාදාරනේට ලක්වෙන චරිතෙ. පව් දෙයියනේ....

7. "රොබෝටික්ක" නම් දන්නැති කෙනෙක් නැතුව ඇති. මෙයාටත් ඉතිං හැමදාම දුක තමයි :(

8. මෙයා තමයි මේ හැම එක්කෙනෙකුටම වඩා දුකට හා අසාදාරනේට ලක්වෙලා තියෙන්නෙ. මේ "මැක් වුල්ෆ්", ඔය එහා පැත්තෙන් පොරසේ ඉන්නෙ "ඩෲපි".


ඉතුරු ටික

දෙන්නං ජම්බු

සුභම සුභ අලුත් වේවා හැමෝටම...
අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..

(මේ තියෙන්නෙ එව්ව තමයි.)
අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ දුන්න අලි මල්ල පුරෝලම. දැං ඉතිං මොනා කරන්නද, කන්න තමයි තියෙන්නෙ.දුන්නෙ කන්නනෙ, මමත් ඇරියෙනෑ කෑවා කෑවා කෑවා කෑවා එපා වෙනකං කෑවා.
කාල කාල ඒත් ඉවර නැති නිසා මට හිතුන මේවයින් කෑමක් හදල බලන්න.ඉතින් ඒ කෑම හදන හැටි ඔයාලටත් කියලදෙන්න තමයි මම මේ ලෑස්ති වුනේ(මේ දවස්වල ජම්බු නැති ගහක් තියනවනම් අපේ එක විතරයිනෙ).හරි එහෙනම් වැඩේ පටා...න්ගමු,

අවශ්‍ය දේවල් :- හොඳ ජම්බු ගෙඩි 5හක් 6ක් (අවශ්‍යතාව අනුව වෙනස් කරගත හැක), සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් (ආදේශක
භාවිතා කල හැක) ,වතුර ඉතාමත් ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු.

(මේ තියෙන්නෙ දුං දදා...)
සාදන ආකාරය :- ප්‍රථමයෙන්ම ජම්බු ගෙඩි ටික හොඳින් සෝදා සිහින් පටි ආකාරයට කපාගන්න ඕනැ.ඉන්පසු තාච්චිය ලිපේ තබා සිහින්ව කපාගත් ජම්බු පටි ටික එයට දමා අවශ්‍ය ප්‍රමාණයට ලිපේ ගින්දර එජස් කරගන්න.දැං අපි ලෑස්ති කරගත් සීනි, ලුණු දමා පසුව වතුර ඉතාම ස්වල්පයක් ( වැඩිය දාන්න එපා එහෙම වුනොත් මොනාවෙයිද දන්නෙ නෑ) මෙයට එකතු කරගන්න. දැං ඉතින් මේක රන්වන් පාට වෙනකං කාල්ගාන්න ඕනෙ.ඊටපස්සෙ ලිපෙන් බාගෙන තමන්ට අභිමත ලෙස මෙය අලංකාර කරගන්න පුලුවන්.

මේක ඔයාලට රසවිඳින්න පුලුවන් වගේම අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි (හැබැයි හැදුවෙ මොනවයින්ද කියලනම් කියන්න එපා :D ) ම්... තවත් දෙයක් මේකට දාන්න හොඳ නමකුත් යෝජනා කරලම යන්න
ඉතුරු ටික

සරල Drop Down menu එකක් blogger වලට....

මම මීට කලින් මේ වගෙ පොඩි වැඩ කෑල්ලක් බ්ලොග් එකට දාන හැටි ලිව්වා. ඒ වගේම තව ගොඩක් අයට වැදගත්වෙන බ්ලොගර් වල නැති මේ වැඩ කෑල්ල ඔයාලටත් වැදගත් වෙයි කියල මම හිතනවා.

(මේ තියන photo එකෙන් පේන්නෙ ඒක තමයි.)

මේ Drop Down menu එක ඔයාලගෙ බ්ලොග් එකට දාන්න ඕනෙ මෙහෙමයි.

1. ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා, "Layout" වල තියන "Edit HTML" එකට යන්න.
ඊට පස්සෙ මේ පහල තියන code එක </head> කියන ටැග් එකට උඩින් අලවන්න.



<!--jquery-DD-Menu-Starts-->
<style type='text/css'>
/* menu styles */
#jsddm
{ margin: 0;
padding: 0}

#jsddm li
{ float: left;
list-style: none;
font: 12px Tahoma, Arial}

#jsddm li a
{ display: block;
background: #636566; /*DARK-GREEN*/
padding: 5px 12px;
text-decoration: none;
border-right: 1px solid white;
width: 70px;
color: #010101;
white-space: nowrap}

#jsddm li a:hover
{ background: #b0adad}

#jsddm li ul
{ margin: 0;
padding: 0;
position: absolute;
visibility: hidden;
border-top: 1px solid white}

#jsddm li ul li
{ float: none;
display: inline}

#jsddm li ul li a
{ width: auto;
background: #b4b4b4; /*LIGHT-GREEN*/
color: #030303}

#jsddm li ul li a:hover
{ background: #777775}
</style>


<!-- script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js" type="text/javascript"></script -->
<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
var timeout = 500;
var closetimer = 0;
var ddmenuitem = 0;

function jsddm_open()
{ jsddm_canceltimer();
jsddm_close();
ddmenuitem = $(this).find(&#39;ul&#39;).eq(0).css(&#39;visibility&#39;, &#39;visible&#39;);}

function jsddm_close()
{ if(ddmenuitem) ddmenuitem.css(&#39;visibility&#39;, &#39;hidden&#39;);}

function jsddm_timer()
{ closetimer = window.setTimeout(jsddm_close, timeout);}

function jsddm_canceltimer()
{ if(closetimer)
{ window.clearTimeout(closetimer);
closetimer = null;}}

$(document).ready(function()
{ $(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseover&#39;, jsddm_open);
$(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseout&#39;, jsddm_timer);});

document.onclick = jsddm_close;
</script>
<!--jquery-DD-Menu-Stops-http://bloggerstop.net-->





රතු පාටින් තියන තැන් වල ඔයාලගෙ බ්ලොග් එකට ගැලපෙන පාටවල් දාන්න. ඊට පස්සෙ Save කරන්න.

2. දැන් "Layout" වල තියන "Page Elements" වලට ගිහින් "Add a Gadget" එකේ "HTML/JavaScript" එක ක්ලික් කරන්න.

එතකොට මේ වගේ එකක් එනවනේ...
ඊලඟට මේ පහල තියන code එක ඒකෙ තියන "Content" කියන කොටසට past කරන්න.



<!--BODY-CODE-->
<ul id="jsddm">
<li><a href="#">JavaScript</a>
<ul>
<li><a href="#">Drop Down Menu</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Effect</a>
<ul>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Navigation</a></li>
<li><a href="#">HTML/CSS</a></li>
<li><a href="http://bloggerstop.net">Blogger Help</a></li>
</ul>


මේකෙ ඔයාලට ඕනෙ තැන් ඕනැ විදිහට Edit කරල (මම දාල තියන "අවශ්‍ය පිටු හෝ වෙනත් link" කියන එකයි අවශ්‍ය නම් අනික් එව්වයි) save කරල බ්ලොග් එකට ගිහින් බලන්න.
එතකොට වැඩේ හරියන්න ඕනෙ. :D
ඉතුරු ටික

මම Flash වලින් web site එකක් හැදුවා.

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න හිතුවා(ඔච්ච‍රකල් හිතාගන හිටියට මොකද ලියන්න දේවල් නෑ.අනිත් එක තමයි මේ අවුරුද්දෙ මම අපොස සා/පෙළ ලියන හින්ද වැඩිය ඉන්ටනෙට් එකේ නෑ).

කොහොම උනත් මම මේ දවස්ටිකේ පොඩි වෙබ් කෑල්ලක් හද හදා හිටියෙ,සයිට් එක අප්ලෝඩ් ක‍රද්දි පොඩි කේස් වගයක් ගියා නැත්තං ටිකක් කලිං පෝස්ට් එක ලියන්න තිබුණා.




(ඔය තියෙන්නෙ සයිට් එක)
මම මේක හැදුවෙ Adobe flash වලින්, මේක හදන්න කලින් මම flash ගැන මොනවත්ම දන්නෙ නෑ.ඉතිං මේක හදනහැටි, code ක‍රන හැටි, කොහොමද තියෙන්න ඕනෙ විදිහ එහෙම මට කියල දුන්නෙ අපෙ අයියා. ඉතිං මම මේක පුලුවන් විදිහට හැදුව.

ඉතින් මේක හදල සතියක් විත‍ර මට ඩොමේන් එක set up ක‍රගන්න බැරුව තිබිලා කොහොමහ‍රි බොහෝම අමාරුවෙන් සයිට් එක upload කලා...
ඔය තියන බොත්තම ඔබලා සයිට් එකට ගිහින් බලන්නකො කොහොමද කියලා.ඒ වගේම මේකෙ අඩුපාඩු, හොඳ නරක, එහෙම මට comment එකකින් දන්වන්නත් අමතක කරන්න එපා...



ඉතුරු ටික