අයි.ටී සිංහලෙන්

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුව. මේක මම කලින් ලියන්න හිටපු එකක්, ඒත් වෙලාවක් තිබුණෙ නෑ [මාත් දැං බිසි කොල්ලෙක් ]. මම ඉස්කෝලෙදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) කළා, විෂයක් හැටියට. අවුරුද්ද ඉවර වෙද්දි (2010 අන්තිම වාරෙ) මම කැමතිම විෂය උණේ මේ අයි.ටී තමයි (හැබැයි කලිං වෙනස් ). ඒ මොකද ඒ වෙද්ද අපිට උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ :D

කතාව මේකයි. අපි අයි.ටී ඉගෙනගත්තෙ සිංහලෙන්, සුද්ද සිංහලෙන් (කතාව කියවගෙන යද්දි ඔයාලට තේරෙයි!). අපිට අයි.ටී ඉගෙන ගද්දි වැඩිදුර අධ්‍යනය සඳහා පොත් (ටිකක්) තිබුණ. එකක් ඉස්කෝල පෙළපොත. තවත් ඔහොම පොත් තිබුණ. ඒ වගේම තව සල්ලි වලට ගත්ත ප්‍රශ්නෝත්තර පොතුත්. කොහොමත් වාර විභාග වලට යද්දි ඔය ඔක්කොම පොත් බලන පුරුද්දක් නෑනෙ. අමාරුවෙන් වගේ සටහන් පොත බැලුවට! ඇහුණු දෙයක් තමයි ඉතිං. අපි සිංහලෙන් අයි.ටී කරන නිසා විභාග පේපර් එක බලල ඒකෙ තියන දේවල් තේරුම් ගන්න ලේසි නෑ(ඒකත් කියවගෙන යද්දි තේරෙයි :D ).මොකද සමහර වචන තේරුම් ගන්න අයි.ටී පොත් වල කියන අර්ථ වින්‍යාසකයෙක් ඕනෙ (ඔය කියන්නෙ භාෂා පරිවර්තකයෙක්) ! අයි.ටී වලදි හැමදෙයක්ම එහෙමයි. "ආසයි ලේසී අයි.ටී" ඒත් අපිට නෙවෙයි. මොකද අපි ඉගෙනගත්තෙ වෙන විදියකට.



අපිට input එකට කියන්න කිව්වෙ "ආදානය" කියල. output එකට "ප්‍රතිදානය". "ආයචන" කියන්න කිව්ව storage වලට. මේ වචනනං කාලයක් යද්දි මතක හිටියා. ඒත් මේව...........?

IC (integrated circuit) වලට "අනුකලිත පරිපථ" කිව්ව.
Analog computers වලට "ප්‍රතිසම පරිගණක". ඒ විතරක් යැ RAM එකට "සසම්භාවී පිවිසුම් මතකය"ලු කියන්න ඕනෙ! එතකොට ROM එකට කියනෙ "පාඨන මාත්‍ර මතකය", cache memory යට "වාරක මතකය", "තීන්ත විහිදුම් මුද්‍රක" නම් Inkjet printers ය. ඇයි මොනිටරේට (Monitor) "සන්දර්ශකයනෙ"!(හික්) , Floppy disk වලට "නම්‍ය තැටි", Compact disk (CD) වලට "සංගත තැටි", Digital Versatile Disc (DVD) වලට "සංඛ්‍යාංක බහුවිද තැටි".Browser = "අතරික්සුව", Align = "එකෙල්ල".


තව අපේ පෙළ පොතේ මෙහෙම තියෙනව,
1. "මෙවලම් හෝඩුවා" = Tool tips
2. "මූසික දක්වනය" = Mouse pointer
3. "පාඨ කොටු" = Text box
4. "මූලපදය" = Keyword
5. "කාරක රීති" = Syntax
6. "අරාවන්" = Array
7. "අක්වටන" = dial-up
8. "ආටෝපයන්" = Effects
9. "පිළිසඳර මණ්ඩල" (හික්z) = Chat groups
10. "ද්විසම සම්ප්‍රේක්ෂනය, ප්‍රතිසම සම්ප්‍රේක්ෂනය"
11. "ගුණාංග කවුලුව" = Property window
12. "පෝරම සැලසුම් කව්ලුව" = Form design window
13. "ව්‍යාපෘති ගවේෂණ කව්ලුව" = Project Explorer Window
14. "මෙවලම් පෙට්ටිය" = Tool Box
15. "අයිතම" = Items
16. "මූර්ජනය(ආකලනය)" = Modulation

මේ විදිහට මේ අය Adobe Photoshop වලට "මෝඩගඩොල් පොටෝ කඩේ" කියලයි,
Visual Basic වලට "දෘෂ්ටි මූලික" කියලයි දාන්න බැරිත් නෑ?? :D

මම දන්න තරමිං මේ වචන වලට පොත්වල සිංහල වචන තිබුණෙ නෑ..ඔයාලටවත් පුලුවන්නම් මේවට සිංහල වචන හදල දෙන්න :D
pixel,bits,icons,cursor,fonts (මට අහු උනේ මෙච්චරයි!)

13 comments:

Chanaka Aruna Munasinghe said...

හෆොයි. හොඳ වෙලාවට අපිට අයි. සී. ටී තිබ්බෙ නෑ

Bunny said...

pixel - පික්සෙල්
bits - බිටු
icons - අයිකන
cursor - සැරිත්ත
fonts - අකුරු

:-)

Kusal said...

අනෙ අම්මෝ බන්... මෙහෙමත් ඒව තියෙනවද? පිස්සු කොරනෙ

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Chanaka :හනේ...වාසනාවන්!!

@ Bunny : cursor - සැරිත්ත(මරු) fonts - අකුරු(හරි),
pixel - පික්සෙල් ??
bits - බිටු ??
icons - අයිකන??

@ Hasitha : කොර නේන්නං :/

today said...

icons-මූර්ති රෑප

Xnaor said...

හපොයි.. මමත් ඔය කට්ට කැවනෙ උබලත් එක්ක. ඒත් අවසාන වාරෙ නම් මම ලොවෙත් නෙ. මොකද මම අයි.ටී ලැබ් එකට ගියපු කාලයක් මතක නැ.. හැමදාම කට් තමයි ඉතින්.

හරී said...

ඕක නම් අපෙ ආචාර්යවරු කරන මහ ගොන් ආතල් වැඩක් ... මම නම් කියන්නෙ ඔය හැම රෙද්දටම සිංහල වචන ඕනෙ නෑ ... සංකල්පය සිංහලෙන් ඉගැන්නුවාම ඇති....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ today : හ්ම්.. ඒකත් මරු නේ..හ්!

@ චන්දිම : යකෝ ඒ ටිකේ තමයි ආතල්.

@ හරී : ඒකනං ඇත්ත, ඔය විදිහට උගන්නලා කීදෙනෙකුටනං අයි.ටී එපා කරල ඇද්ද ඔය ඉස්කෝල වලිං :/

Manushan said...

හපෝ IT ගැනනම් කතා කරන්න එපා අපිට A/L වල GIT කියලා එකක් කරා මෙලො රහක් නෑ.
මෙච්චර කාලේකට ,විභාගයක් කියලා හිතේ තියාගෙන දවස් දෙකෙන් මුලු පාඩම් ටිකම බලලා A එකක් ගන්න හිතාගෙන තියෙන පැය 2.30 ම අරගෙන ලියපු එකම ප්‍රශ්න පත්තරේ ඕක :P
අපේ කරුමේ කියන්නේ අවුරුදු පහක් තිස්සෙ මේ විභාගේ තිබ්බට තාම එක අවුරුද්දකවත් ලකුණු ඇවිත් නෑ :(

සසීන්ද්‍ර වීරසිංහ said...

හත් ඉලව්වයි!
තව උ/පෙත් මේ මගුල තියනව නේදැ...:/
ආතල් එකට ඔය මගුල තිබ්බට ලකුණු බලන්න වත් උන්ට බැරුව ඇති..

සහන් සටහන් said...

ඔන්න ඕඅකට තමා කියන්නේ අපේ මහාචාර්යවරු IT ඉගැන්නුවා වගේ කියන්නේ

සසීන්ද්‍ර වීරසිංහ said...

@ සහන් :D හත් පොලේ ගාගත්ත කියලත් කියනව!

Unknown said...

පිස්සු හැදෙනවා මේවා දකිද්දි.වෙලාවට අපිට අයිටී තිවුන් නැත්තේ