මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මේ ටී ෂර්ට් එක මුලු කුරුණෑගල පුරාම වන්දනාවෙ ගිහින් තමයි අන්තිමට අපෙ ගෙදරට ආවෙ.මම z ලිස්ටර් කෙනෙක් වෙලා දැං මාස 10ක් 12ක් ඇති. පරක්කුවෙද්දි මම හිතුව මේ (ටී ෂර්ට්)රෙද්ද එන්නෙ නැතිවෙයි කියල,මෙන්න බොලේ අවුරුද්ද පහුවෙලා දවස් 3 දෙයියො දුන්නවගේ මේක ආව. මට ඉතිං මාරම හැපී. එතකොට තමයි මට හිතුනෙ ලොකර්z එකේ පුංචිම මැම්බර් මමද කියලත්, මොකද small සයිස් එකේ ටී ෂර්ට් එකත් මට වැඩියි :D ඉතිං ඊටපස්සෙ මම හතර අතේ පොටෝ ගහල හැම තැනම දැම්ම. මේ ලිපිය ලියන්න හිතුනෙත් ලොකර්z එපාවෙලා අතෑරල දාල ඉන්න කට්ටිය ඉන්නවනම් ඉක්මනට සල්ලි ටිකක් එක්කහු කරගෙන ඊලඟ රිඩීම්ශන් එක ගැන හොයල බලල මටත් කියලා,මොකා..ක් හරි ගන්න කියලත් කියන්නයි.

ඉස්සරනං මේ වද කරදර නෑ z Lister කෙනෙක් වෙච්ච ගමන් ඕනෙ බඩුවක් රිඩීම් කරන්න පුලුවන්.


ඔය නළුව වගේ ලොකර්z ටී-ෂර්ට් එක ඇඳං ඉන්නෙ මම තමයි. (ඔය මගෙ කළු නෙවෙයි හරිද)
ඉතුරු ටික

පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්...

බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D

(පේනව ඇතිනෙ ;)

එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.

මේක Flash වලින් හදපු ඔන්ලයින්ම පොටෝ එඩිට් කරගන්න පුලුවන් පොටෝ සොප් එකක්..මේක පුල් ඔප්සන් :)


ඒ විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගේ මේක මේක සෝ.....ෆෑස්ට්.

(මේකෙත් ඔය තියන ඉරි එහෙම මකල හදල ගන්න පුලුවන්)

මේ ගැන දන්නෙ නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න

ඉතුරු ටික

හැමදාම අසාදාරනේට ලක්වෙන අය..

මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,

1.ඔය මුලින්ම ඉන්න මට මතක ඇති කාලෙ ඉඳන් අසාදාරනේට ලක්වෙන කොල්ලෙක්,(මෙයාගැන් ඉතින් කියන්න දෙයක් නෑනෙ :)

2.මෙයා තමයි "කෝටෑන්" ඉන්නෙ හයිලෑන්ඩර් එකේ. අනේ කියන්නත් දුකයි මෙයත් හැමදාම අසාදාරනේට ලක් උනා.

3. මෙයත් අර දෙන්න වගේම දුකට පත්වුනු කෙනෙක් තමයි. නම "යකඩ රාස්සයා", මෙයා ඇක්ට් කරපු කාටුං එක තමයි "ඥානකතා මල්ලි".

4. ඊලඟ කෙනා ගැනනම් කියන්න දෙයක් නෑ :( බය හිතෙන නමක් තියෙන්නෙ " සාකියා" දන්නව ඇතිනෙ.

5. මෙයා "විල්සන් මමා" දඟය එකේ මේන් ඇක්ට කෙනෙක්.
6. මෙයා "මම්‍රා", තන්ඩ කැට් එකේ අසාදාරනේට ලක්වෙන චරිතෙ. පව් දෙයියනේ....

7. "රොබෝටික්ක" නම් දන්නැති කෙනෙක් නැතුව ඇති. මෙයාටත් ඉතිං හැමදාම දුක තමයි :(

8. මෙයා තමයි මේ හැම එක්කෙනෙකුටම වඩා දුකට හා අසාදාරනේට ලක්වෙලා තියෙන්නෙ. මේ "මැක් වුල්ෆ්", ඔය එහා පැත්තෙන් පොරසේ ඉන්නෙ "ඩෲපි".


ඉතුරු ටික