හෆොයි!! අසුභ අලුත් අවුරුද්දක් ඌවා, මට
උදෑසන 6.30ට පමණැ මම නින්දෙන් ඇහැරුනෙමි. ඒ කුමක් නිසාවත් නොවැ, කාමරයේ ලයිට් එකැ දැල්වුනු නිසාවෙනි. එවිට මටැ මෙහෙම ඇසුනෙමි. "අදනම් වහින්නෙ නෑ, පොල් ටිකැ අව්වෙ දාල යන්න පුලුවන්" වාසනාවකි! මටැ සිතුනෙමි. ඉන්පසු මට "අද පංති, අද පංති" යැ කියා මතක් වීමැ නිසා වහ වහා නැගිට ඊට සූදානම් වන්නටැ තිබුණත් තවත් පැයක් නිදාගන්නට තීරණය කලෙමි.
පංතිය පටංගන්නේ කීයටදැ? 9ටය. නමුත් මමැ යන්නේ 9.30ටය :D මාගේ මෙමැ ක්‍රියාව නිසා ගුරුතුමාට හා අනෙක් සිසුන් තිදෙනාටැ තවත් වැඩිපුරැ පැය 1/2ක් පංතියේ රැඳීසිටීමට වනබවැ මම නොදන්නවා නොවෙමි. නමුත් එය එසේමය. මා යන්නේ ප්‍රමාද වීමි. අදද එසේම කිරීමටැ සිතා මම "කාමික්කෝලෙකු" විලසැ පංතියට යාමටැ සූදානම් වීමි. ඒ අතරතුරැ පරිගනකයැ ද ඔන් කලෙමි. පෙන් එකයි, බුක් එකයි රෙඩිය. නමුත් කුමක්දෝ අඩුවකැ මට සිතුණි. අහෝ...! මාගේ ලේන්සුවැ. එය නොමැතිවැ මා කෙසේ සොටු පිසින්නදැ? :D වහා දිවගොස් එය සාක්කුවටැ බහා ගතිමි. මලා....! කො ගෙදර යතුර :O බසයට හොඳටමැ ප්‍රමාදය. නමුත් මම නිවසේ යතුර සෙව්වෙමු.ම්ම්ම්හ් ඒක නැත. පංතියට යාමටැ නොහැකි ඌවොත් අපරාධයකැ මම සිතුවෙමි. වහ වහා දොරැ වසා බසයට ගාටන්නටැ විමු. ඔය අතරතුරැ පාරේ උන් එකෙකැ "අන්න බසයැ යනවා දුවපිය" කෑ කියූවෙන් මා කලබල උනෙමි. දිව්වෙමි, බසය මා එනතුරැ නවතාගෙන සිටියෙමු. වාසනාවකි. මම ගොඩැ..:D සිතුවෙමි.
"වැඩේ හරි. මමැ 9.30ට පංතියේ" සිතුණෙමි. ඒ වේලාවටැ බසයේ මොකෙක්වත් නැතැ. මම අසුනක ඉඳගතිමි.
මගක් දුරැ ගියකලැ නීල වර්‍ණයෙන් බැබලුණු අහසැ කළු විණැ. මද වේලාවක් ගියකළැ මහා...........ධාරා නිපාත වරුසාවකැ ඇදහැලෙන්නටැ පටං ගතිමු.මටැ තරු දිස්වුණි. "අනාතය! නෑමක් තමයි" යැ සිතිණි. අතටගත් කුඩයැ දමා ආ මූඩකමැ. අහෝ..! බසය ටව්මට සම්ප්‍රාප්තයැ. වැස්සද එමටය. "එළ" යැ මම සිතුවෙමි. "වෙනදාටැ අයියත් වැස්සොත් පංති යන්නෑතුවැ එන්නෙ" සිත කීවාය. ඔය අතරැ බසය නැවැත්වීමු. කොණ්දා අයියා "ඉට්ටෑන්ඩ් යන්නෑ ඉට්ටෑන්ඩ් යන්නෑ බැහැගන්නැ" කියද්දී ඔක්කොම (ටික) නැගිටැ බසින්නටැ වියැ. එවිටැ එකැ ඇන්ටි කෙනෙක් "ඔයා බහින්නැද්ද පුතා.." යැ කීවාය. මම සිනාසුනෙමි :D බසය නැවතත් ගමටයැ. මද දුරකැ එන විටැ වැස්ස අතුරුදහන් යැ. එවිටමැ "යතුරැ" මටැ සිහිවීමි (මලා)x2. :/ හීං දාඩියැ නිසා මමැ තෙමුනෙමි.
ඕනෙ එකක් යැ සිතා මමැ නිවසටැ ආවෙමි. "වැස්ස ඉවරයි". හොඳින් ඉර පායා ඇත. බට්......මම එළියේයැ. "වැඩේ හරියන්නෑ.. "මමැ මටමැ කියාගතිමි. නිවසැ වටේ රව්මක් ගියකල එකැ ජනේලයකැ විවෘතයැ. ඔළුව දැමුවෙමි. ම්ම්හ්..කොරන්නටැ දෙයක් නැත්තේය. එවිටමැ නිවසේ දු.ක නාදැ වන්නටැ විය. "එළියේ සිටිම මම මක් කොරන්නැ" සිතීමි. එවිටැ මටැ තෙවැනි ඥානයද පහල වීමි. "වහලෙං පනිමි"! එල! යනේලයෙන් ලෑන්ඩ් කිරීමටැ තැනක් බැලුවෙමි. එළ. අතැ තිබූ බුක් එකැ පසකැ තබා ටී.වී එකේ ඇන්ටනාවටැ වැඳ එයැ දිගේ නැග්ගෙමි. හෆොයි! තැන මතක් නැත. ඕනෙ එකකි. උළු කැටයක් ඇද්දෙමි. මරැ. අරටැ වඩා මරු තැනකි. තවත් එකකැ ගැලවූයෙමි. මලා! පරාලයකි. ආයෙ ඒ දෙකැ සවි කිරීමටැ නොහැකිය. හිත හදාගෙන වහලයමැ ගැලවීමටැ පටං ගතිමි. වැඩේ ගොඩැ! :D උළු 6කින් බේරුණි.
පාරේ කවුරුවත් නොගියේ මගේම වාසනාවටැ. නැතිනම් "හොරෙං ගෙටැ පනිනවා" කියා මෙතනැ මලැ මගුලකි :D හෆොයි! සුළු සීරීම් 2කින් යාන්තමටැ මම නිවසැ තුලමි. දැං ගොඩැ. "හම්මේ බ්ලොග් පෝස්ට් එකක්" මෙයැ මටැ මතක් ඌයේ පනින අතර තුරැය. වහා ගොස් පරිගනකයැ දැමුවෙමි. කතාව මෙපමණයැ.
[වහලෙන් පනිනැ විටැ මාගේ ඔළුවැ වැදී ඇද්දැයි දැං දැං සිතේ :D මන්දයත් මෙපමණට උක්ත ආක්යාත නිවැරදිව මම මීට පෙරැ රචනයකැ හෝ ලියා නැතැ! :D :D]
ඉතුරු ටික