අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..
කාල කාල ඒත් ඉවර නැති නිසා මට හිතුන මේවයින් කෑමක් හදල බලන්න.ඉතින් ඒ කෑම හදන හැටි ඔයාලටත් කියලදෙන්න තමයි මම මේ ලෑස්ති වුනේ(මේ දවස්වල ජම්බු නැති ගහක් තියනවනම් අපේ එක විතරයිනෙ).හරි එහෙනම් වැඩේ පටා...න්ගමු,
අවශ්‍ය දේවල් :- හොඳ ජම්බු ගෙඩි 5හක් 6ක් (අවශ්‍යතාව අනුව වෙනස් කරගත හැක), සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් (ආදේශක භාවිතා කල හැක) ,වතුර ඉතාමත් ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු.

මේක ඔයාලට රසවිඳින්න පුලුවන් වගේම අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි (හැබැයි හැදුවෙ මොනවයින්ද කියලනම් කියන්න එපා :D ) ම්... තවත් දෙයක් මේකට දාන්න හොඳ නමකුත් යෝජනා කරලම යන්න
25 comments:
එතතොට මෙව්වාටද කියන්නේ ජම්බු කැවුම් කියලා ...?
ජඹු කැවුම කියලා දාමුද?
/බිඟුවා...!
ජම්බු කැබලි මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු සමග ලුණු කුඩු දමා අච්චාරු හදාගන්නත් පුළුවන්.
හොදම නම 'දෙන්නම් ජම්බු'
මෙන්න ටියෙන ජම්බු කවුම් . . මේ ඇහුවමයි . . . ඔයාත් මාර වැඩනේ කරන්නේ මලේ . .
@ වැප් : හික්ස්....ඒකනේ අලුත් අවුරුද්දට කන්න සහ දෙන්න කදිමයි කිව්වෙ :D
@ බිඟුවා : අන්න හොඳා
@ Anonymous : එළැ එළැ ..ඒකනම් පට්ට
@ දුකා : මේක මගේම වට්ටෝරුවක් අයියා...
ජම්බු කැව්ම් (ජම්බු කැබලි නොකර ගෙඩිය පිටින් දැම්මොත් කොන්ඩ කැව්මක් වගෙ තියෙයිනේ )
මලයෝ ඔවා පැකට් කරලා බිස්නස් එකක් පටන් ගත්තොත් හොද නැද්ද ?
කොහොම නමුත් නව සොයා ගැනීමක් . ඒක නිසා අපි ඕකට "සසනද ජම්බු" කියල නම දාමු.....විද්‍යාත්මක නාම කරනයට අනුව Sasanda Syzygium Jambos :P
@ මනුශාන් : හම්මා...හ්,
ඒකත් නරකම නෑ...
@ දිලීප : එළ එළ, ඒක නෙමේ අයියෙ මොකද්ද අප්පා අර නම
පිනි ජම්බු කෑවුම්...... සසීන්ද්‍ර වීරසිංහ නිශ්පාදනයක්.නරකමත් නෑ නේද මල්ලි?
@ චානක අසේල : ඒකනේ කියන්නේ...
නියම කෑමක්. දෙන්නම් අල්ලපු ගෙදර ජම්බු ගහටබ ගේමක්
@ Kasun Nadeeshana : එළ එළ. එතකොට අල්ලපු ගෙදර කට්ටියට සංග්‍රහ කරන්නත් පුලුවන්නේ :D
http://www.skylk.com/qotw/winners.php
dakkada malli
මෙන්න මේකා මගේ වට්ටෝරුව හොරකං කොරලා..........
ඕක මම හොයාගත්තේ...
(හැබැයි මම ඕකට ගත්තෙ නෙල්ලි) ඒත් වට්ටෝරුව මගේ.
හිටපිය මම ගෙදර එනකල්
@ බිඟුවා : හපුච්චේ මම දෙවනි තෑග්ග දිනල..
මරු මරු
@ සහන් : ඔයාගෙ වට්ටෝරුවෙ ලුණු නෑ, වතුර නෑ, ජම්බුත් නෑ, කන්න බලද්දිං නෙල්ලි විතරයි සීනි චුට්ටකුත් එක්ක. ඉතින් මේක ඔයාගෙ වෙන්නෙ කොහොමද?
ජම්බු කැවුම් රස ඇති නේද?කැවෙත් ප්‍රශ්ණයක් වෙන්නේ නැ නේද?
@ kanchana : අපෝ රසයිද කියලත් අහනව, එළ. (වැරදිලාවත් කන්න පුලුවන් විදිහට හදාගන්න බැරිඋනොත් කාටහරි දෙන්න) :D
එලස්
@ චතුරංග රූපසිංහ : එලස් කියල හරියන්නෙ නෑ, මෙව්ව හදන්න ඕනෙ
LOID OPATHA (V2)
@ Xpress : හික්ස්
මේවා කන්න කලින් නිවසේ ටැංකියේ වතුර පුල්ද කියා පරික්ශාකාරි වන්න...!! :P
හැබැටම මල්ලි ශුවර් නේද බඩ අප්සෙට් උනේ නෑ කියලා ඈ ? :D :D
@ Bunny : මම කොහොමද ඒක දන්නෙ. මම කෑවැයි එව්ව.[කන්න තමයි හැදුවෙ. ඒත් අන්තිමට දත් මැදින්නයි උනේ...]
හුටා..!! ඈ කොල්ලො උබ මේ මිනිස්සු මරන්නද හදන්නෙ ඈ ?
මේකා නම් යකේක් හැබැට.අනික් දවසේ කාලා බලලා දාපිය..!
@ Bunny ! : ඇයි හද්දෙයියනේ මම කිව්වෙ. ඔව්ව කන්න පුලුවන් මැරෙන්නෑ...[වැඩිම උනොත් පොඩි බඩේ අස්පට් එකක් එයි]
Post a Comment